Spread the love

මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 788,235 ක විදුලි සැපයුම අත්හිටුවා ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.

වැඩිම විදුලිය අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 120, 474 ක්.

ජුලි මාසයේ දී පාරිභෝගිකයින් 118,481 දෙනෙකුගේ හා ඔක්තෝම්බර් මාසයේදී 106,106 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.