69 ලක්ෂය බලාපොරොත්තු වු ඉලක්කයට රට ගෙන යාමට අපි තවදුරටත් ඇප කැපවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ එම ජනවරම ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරන බවයි.
ජනතා ගැටළු විසදීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂය දන්නේ විවේචනය කිරීමට පමණක් බවත්, ඔවුන්ට රට ගොඩ ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් අවධාරණය කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලේ ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ නව ජල සබඳතා ලබා දීමේ අවස්ථාවට ඊයේ (25) දින සහභාගී වෙමිනි. මෙම උත්සවය ගම්පහ, කලල්පිටිය ප්‍රදේශයේදී පැවැත්විණි.
පස්යාල ඇල්ලලමුල්ල, මුහන්දිරම්වත්ත සහ කලල්පිටිය ධාතුකන්ද ප්‍රදේශවල ප්‍රතිලාභී පවුල් සදහා නව ජල සබඳතා ලබාදීම මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හතරක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකියාව ලැබේ. මේ සදහා වැය කෙරෙන මුලු මුදල රුපියල් මිලියන 33,060 කි.
මෙම ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල, පස්යාල දක්වා නව ජල සබදතා 5,000 ක් ලබා දෙන අතර එහි දෙවන අදියර යටතේ නිට්ටඹුව, මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට හැකි වේ. මෙම ජල ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මස වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ. නව ජල සබඳතා ලබා දීමේදී ජනතාවට පහසු වන ආකාරයට වාරික 12 කින් මුදල් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
