Spread the love

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නොමැති බවත් ඇමතිවරයා පැවසුවේය.
අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේදී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණ ද ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් ය.


කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවත් , රජයට අවශ්‍ය නීතිවිරෝදී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවත් සඳහන් කළේ ය.
විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ ය.