නාගොඩ- සුමන
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මධ්‍යස්ථාන 03ක වංචා සිද්ධීන් 03ක් වාර්තා වී ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනීසිටි අපේක්ෂිකාවක් සිය ජංගම දුරකථනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරු වරයෙකුට යවා වට්ස් ඇප් මාර්ගයෙන් පිළිතුරු ලබා ගෙන ඇතිබව පැවසීය.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර වෙන් වෙන් වශයෙන් පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂක වරයෙකු හසුවී තිබේ.
සිදුව දම්සමර විද්‍යාලයේ විභාග ශාලාවේදී අපේක්ෂකයන් 05 දෙනෙකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතිබව එහිදී පැවසීය.
මේ සදහා සම්බන්ධ අපේක්ෂකයන්ට සහ සෙසු පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
