ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව මීට සුළු මොහොතකට පෙර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම හේතුවෙන් බැංකු කළමනාකරවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විවාදයට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
