Spread the love

නාගොඩ සුමන

දුම්රිය රියදුරන් පිරිසක් නිවාඩු ලබා ගැනීම සහ ද්විත්ව සේවා මුර සිදු නොකිරීම හේතුවෙන්අ ද (17) හෙට (18) සහ අනිද්දා (19) දිනවල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ලබන ඉරිදා පැවැත්වෙන කාර්‍යක්ෂමතා කඩයිම් විභාගයක් හේතුවෙන් ඔවුන් එලෙස නිවාඩු ලබා ගෙන තිබේ.
දුම්රිය සේවා හැකි උපරිමයෙන් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතිබව සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
ඒ අනුව විශ්‍රාමික දුම්රිය රියදුරන් සහ ජේෂ්ඨ දුම්රිය රියදුරන් ඒ සඳහා යොදවා තිබේ.
ප්‍රධාන දුම්රිය කිසිවක් අවලංගු නොවන බව එහිදී වැඩිදුරටත් පැවසීය.