Spread the love


විශ්විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් හෙට (16) දිනයේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

රජය ලබාදී ඇති ලිඛිත දැනුම්දීම සම්බන්ධයෙන් හෙට විධායක සභාව කැඳවා සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

ඒ අනුව එම තීරණය ගන්නා තෙක් විශ්විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.