හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ගේට්ටුව අසල වැටි තිබු රු පනස් අටදහසක මුදලක් සහිත මුදල් පසුම්බියක් හැටන් පොලිසිය හරහා අයිතිකරු වෙත ලබාදිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ යාඥාව සදහා පැමිණි පුද්ගලයෙකු කටයුතු කර ඇත.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මොහොමඩ් ටජ්මිල් නැමති පුද්ගලයා රාමසාන් උපවාසය අවසන් කර ආපසු පල්ලියෙන් පිටතට යන අවස්තාවේ පල්ලියේ ප්‍රධාන ගේට්ටුව අසල වැටි තිබු පාර්සලයක් අහුලාගෙන එය පරික්ෂා කිරිමේදි එම පර්සලය තිබු රු පනස් අටදහසක මුදලක් සහිත මුදල් පසුම්බියක් සහ එහි අයිතිකරුගේ හැදුනුම්පත , බැංකු කාඩ්පත් සහ වටිනා ලියකියවිලි කිහිපයක් තිබි හමු වි ඇත.
පසුව පාර්සලය අහුලාගත් පුද්ගලයා විසින් එම පාර්සලය රැගෙන විත් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය දැනුවත් කර එම පාර්සලය හැටන් මුලස්ථාන පොලිසිය වෙත එදිනම භාර දි ඇත.
හැටන් පොලිසිය විසින් එම පාර්සලයේ අයිතිකරුව සොයාගෙන ඇති අතර ඔහු හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.ධර්මරත්න යන අයයි.
හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා විසින් පාර්සලයේ අයිතිකරු (23) දින හැටන් පොලිස් ස්ථානය වෙත කැදවා එම පාර්සලයේ අයිතිකරුට එය භාර දිමට එම පාර්සලට අහුලාගත් තරුණයා ඉදිරිපිට කටයුතු කෙරිණ.
තමන් වෙත අයිති නොවන දෙයක් අහුලාගෙන එය නියම අයිතිකරු වෙත භාර දිමට කටයුතු කල අබ්දුල් රහිම් මොහොමඩ් ටජ්මිල්ට සිය ස්තුතිය පුද කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුණ පොලිස් නිලධාරින් කටයුතු කෙරිණ.
