කෘත්‍රිම බුද්ධිය කියන්නේ අද ලෝකයේ ගොඩක් කතාබහට ලක්වෙන විශය ක්ශේත්‍රයක්…
ඒ ගැන අධ්‍යනයට ලංකාවේ බොහෝ දෙනෙක් යොමුවෙන ප්‍රතිශතය බොහොම අඩුයි…
ඒත් ඒ ගැන ඉගෙන ගන්න ආසා කරපු තරුණයෙක්ට අත්වුණු ඛේදනීය ඉරණම ගැනයි මේ කතාව…
කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගනිමින් පරිගණක ඉංජිනේරු විශේෂ උපාධිය හදාරා, අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි විනෝජ් යසිංග ජයසුන්දරගේ සිය ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ නිබන්ධනයක් භාර දීමට අමෙරිකාවේ සිට කැනඩාවේ වැන්කුවර් නගරයට පසුගිය මස 22 වැනිදා ගොස් තිබුණා…
ඒත් විනෝජ් යසංග ජයසුන්දරට යළි අමෙරිකාව බලා යාමට අවස්ථාව නොලැබුනේ නොහික්මුණු රියදුරෙක් නිසා…
මත්ද්‍රව්‍ය පානය කළ නොහික්මුණු රියදුරෙක් ඔහුගේ ජීවිතය බිලි ගත්තේ කවුරුත් නොහිතන වෙලාවකයි…
කොහොම වුණත් මේ තරුණයාගේ නිසල දේහය අද පෙරවරුවේ කොට්ටාව මත්තෙගොඩ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා…
මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධියත්, තොරතුරු තාක්ෂණ උපාධියත් හැදෑරූ විනෝජ්, එංගලන්තයේ සරසවියකින් නීතිවේදී උපාධියද හදාරා ඇති බවයි වාර්තා වූයේ.
කොහොම වුණත්, විනෝජ් යසංගගේ පවුලේ ඥාතීන් පෙන්වා දෙන්නේ, මෙවැනි විශේෂ හැකියා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විදෙස් රටවලදී මෙලෙස මිය යාම සැකසහිත බවයි.
