වී සඳහා වන සහතික මිල අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි
ඒ අනුව වී වගාව සඳහා යන සියලු පිරිවැය ගණනය කර එම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
