Spread the love

නාගොඩ- සුමන

වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලයෙ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.
එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය, පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත වෙයි.
වී වගාව සඳහා යොදා ගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සාමාලෝචනයක් එම කමිටුව හරහා සිදු කෙරෙ.
ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බව පැවසීය.
පසුගිය යළ කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක සහතික මිලකටත් ,සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කටත් මිලදී ගැනිණි.
කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත් මිලදී ගැනීම සිදුවිය.
මහ කන්නයේ වී අස්වනු ගබඩා කිරීම සඳහා මේ වනවිට ගබඩා සූදානම් කර ඇති බව වී අලවි මණ්ඩලය පවසයි.
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ලබන මාස‍යේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලය පවසයි.