Spread the love

දේවින්ද පිණිදිය

අම්පාර පානම ප්‍රදේශ‍යේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම පසුගියදා සිදු කෙරිණ.

ඒ අනුව, වෙඩි වැදීමෙන් ලත් තුවාල සහිතව අම්පාර පානම ප්‍රදේශයේ, කුමන අභය භූමියේ සැරිසරන වන අලියෙකු වෙත ප්‍රථිකාර ලබා දීම සඳහා පැමිණි, අම්පාර වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමක් වෙත සහයෝගය ලබාදීම සඳහා, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අයත් නාවික හමුදා කණ්ඩායමක්ද සම්බන්ධ විය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන හා සහයෝගීව වන ජීවින් ඇතුළු ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් සක්‍රීයව ක්‍රියා කරමින් සිටියි.