මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විමසීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බවත් වෙනදාට වඩා කලින් ජන්ද ප්‍රථිපල නිකුත් කිරීමට හැකි බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඒ අනුව පස්වරු 4.00 ට ඡන්ද විමසීම අවසන් වූ වහාම එම කටයුතු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලම ආරම්භ වන බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
කොට්ඨාසයකට එක ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් තිබේ නම් එම මධ්‍යස්ථානවලදීම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවත් කොට්ඨාසයකට ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇත්නම් පමණක් එක ස්ථානයකට ගෙනැවිත් එම ස්ථානයේදී වෙන වෙනම ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම දුර වැඩි ස්ථානවලදී එම ස්ථානවලදීම ඡන්දය ගණන් කර ප්‍රතිඵල පමණක් එක් මධ්‍යස්ථානයකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම කොට්ඨාසය තුළදීම සිදුවිය යුතු බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
අදාළ පළාත් පාලන ආයතයේ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵල එකතු කිරීමෙන් ජයග්‍රහණය කර ඇත්තේ කවුරුන්ද යන්න තෝරා ගන්නා බවද ප්‍රකාශ කළේය.