Spread the love

නිමල් රාජපක්ෂ

වෙන්කල ආසන සහිත මැදිරිවල ගමන් කිරීමේදී ආසන වෙන්කල අය අනිවාර්යයෙන්ම සිටිය යුතු බවත් එක් අයෙකුට ආසන පහක් වෙන්කල හැකි වුවත් ඹවන්ගේ ප්‍රවේශ පත්‍රයේ ආසන වෙන්කල අයගේ හැදුනුම්පත් අංකය අනිවාර්යයෙන්ම තිබිය යුතු බවත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා පවසයි.
මෙහිදි ඹබ ලබා ගන්නා ප්‍රවේශපත්‍රෙය් අනිවාර්යයෙන්ම ජාතික හැදුනුම් පත් අංකය හා විදේශ් ගමන් බලපත්‍රයේ අංකය සටහන් කරගතයුතු යුතුය. එසේම මගියකුට තම අනන්‍යතාවය තහවුරු කළ නොහැකි සියලුම මගීන් වෙන්කළ ආසන සහිත මැදිරිවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රසාද් මහතා වැඩි දුරටත් පැවසුවේය.

එක් මගියකුට වෙන්කල ආසන පහක් ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර වෙන්කළ ආසන සහිත දුම්රියන්වල ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේද බලය දුම්රිය නියාමකවරුන්හට පැවරී ඇත. ඹවුන් වෙන්කල ආසන ලබා ගත් ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරිමේදි අක්‍රමිකතා රාශියක් පවතින බවද පැවසුවේය.

ඒ පිළිබඳව දිගින් දිගටම පාලනාධ්කාරියට කළ දැනුම් දීම් වලට අනුව මේ වන විට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි . ජසසුන්දර මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශය මගින් ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම සඳහා උපදෙස් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයිද පැවසුවේය.

නමුත් අවුරුදු 18 වැඩි සෑම මගියකුම තම ජාතික හැදුනුම් පතේ අංකය තම ප්‍රවේශපත්‍රෙය් සටහන් කර ගතයුතු වුවත් නියාමකවරුන් ප්‍රවේශපත්‍ර පරික්ෂාකිරීමේදි අක්‍රමිකතා සිදුව් අත්නම් අනවසර මගින් සේ සැලකීමට කටයුතු කරන බවද ප්‍රසාද් මහතා වැඩි දුරටත් පැවසුවේය.