නිමල් රාජපක්ෂ-
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස් වරයා ලෙස අනුපම මංගල වික්‍රමාරච්චි මහතා ඊයේ (09 ) සිය ධුරයේ වැඩ බාර ගත්හ.
රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියකු වන ඒ මහතා මහඔය,කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටි නුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයකු වශයෙන් කටයුතු කර ප්‍රාදේශීය වශයෙන් බොහෝ අත්දැකීම් ලබාගත් ඉහළ නිලධාරියෙකි.
එසේම මීට පෙර ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා වශයෙන්ද සුවිශේෂී සේවාවක් සිදු කරන ලද අයෙකි.
. වැඩබාර ගැනීමෙන් පසුව තම කාර්ය මණ්ඩලය අමතා අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ , සේවාවන් ලබා ගැනීමට පැමිණෙන කිසිදු සේවාලාභියෙකු තෘප්තිමත් නොකර නැවත එම ස්ථානයෙන් පිටත් නොකරන ලෙසය. එසේම තමන් සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා වශයෙන් සිටියදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරීස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ උපදෙස් මත තැපැල් දෙපාර්තමේන්තුව සමග කුරියර් සේවාව සම්බන්ධව වටිනා ගිවිසුමකට එළැඹීමට මෑතකදී. හැකිවුණ බවත් ඒ අනුව රියදුරු බලපත්‍රය දැන් ඉතාම කාර්යක්ෂමව, නිවැරදිව, කඩිනමින් කුරියර් සීග්‍රගාමී තැපැල් සේවාව හරහා සේවා ලාභීයා වෙතටම ගොස් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර අවසන් බවත් පැවසුවේය.
එම කටයුතු දැන් සාර්ථකව සිදුවන බවත්ය. නව රජයේ දැක්ම අනුව digital කරණයත්, clean sri lanka ව්‍යාපෘතියත් සමග එක්ව සේවා ලාභීන් වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්ය.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා ඊයේ දිනයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
