Spread the love

වෙසක් දිනවල සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ..

ඒ අනුව වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා පැවසුවේය.