වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවට කඩිනමින් සිය කටයුතු සිදු කිරීම සදහා තීරණ කිහිපයකට එළඹුණි:
- පෝලිම් කළමනාකරණ පද්ධතියක් (Queue Management System) කඩිනමින් ස්ථාපිත කිරීම.
- ප්‍රධාන පිවිසුම අසල භාෂා තුනෙන්ම යුත් නාම පුවරු කඩිනමින් ප්‍රදර්ශනය කිරීම.
- 2026 අප්‍රේල් 30 වන විට නව මෝටර් රථ ප්‍රවාහන පද්ධතියක් (DMT System) අනිවාර්යයෙන්ම ස්ථාපිත කිරීම.
- පූර්ව දැනුම්දීමකින් පසුව, 2026 පෙබරවාරි 28 දින සිට පූර්ව වෙන්කරවා ගැනීම් (Appointment) රහිතව සේවාවන් ලබාදීම අත්හිටුවීම.
- ස්වේච්ඡා සේවකයන් සඳහා අවශ්‍ය පහසුකම් සහ සම්පත් කඩිනමින් සම්පාදනය කිරීම.
- දැනට ගොඩගැසී ඇති (Backlog) රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු වේගවත් කිරීම.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපහසු පුද්ගලයන් සඳහා වේරහැර කාර්යාලයේදී අවශ්‍ය පහසුකම් සැලසීම.
- රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රථම කාලසීමාව වයස අවුරුදු 35 දක්වා දීර්ඝ කිරීමට අදාළ නීතිමය කටයුතු සම්පාදනය කිරීම සහ ඒ හරහා සිදුවිය හැකි ආදායම් විචලනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජිතයන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
