වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කළේය.
අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකළ බවය.
රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළේය.