නිමල් රාජපක්ෂ
විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට පිදෙන ගෞරවයක් ලෙස, ඔවුන් විදෙස් රැකියාවල නිරතව සිටියදී යම්කිසි අනතුරකට මුහුණ දීම එනම් ආබාධයකට ලක් වීමක්, මියයාමක්, අතුරුදහන් වීමක් හෝ සිරගතවීමක් සිදුවුවහොත් ලංකාවේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නොකැඩී පවත්වාගෙන යාම අරමුණ කරගෙන මාසිකව ශිෂ්‍යාධාරයක් ජනවාරි 1 වැනිදා සිටලබාදීම ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මකයි. මෙරට මෙවැනි ශිෂ්‍යාධාරයක් ලබාදීමේ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින්, අදහස් දැක්වූ වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරන් හේමචන්ද්‍ර මහතා,
යම්කිසි පුද්ගලයෙක් විදේශ රැකියාවක් සදහා විදෙස් ගතවී, එම පුද්ගලයාට එහිදී යම්කිසි ආපදාවක්, අනතුරකට මුහුණ දුන්නේ නම්, එය හේතුකරගෙන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනයට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. එමනිසා ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක මෙම ශිෂ්‍යාධාරය මෙම වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකයි. එනම් කුමන හෝ පුද්ගලයෙක් මෙම වසරේ ජනවාරි මස සිට යම්කිසි ආපදා අවස්ථාවකට, යම්කිසි අනතුරකට මුහුණ දුන්නෙ නම්, එම පුද්ගලයාගේ දරුවන්ට මෙම ශිෂ්‍යාධාර සදහා අයදුම්පත් ඉදිරිපත් කරන්න පුලුවන්.
ඒවගේම, මෙම විදේශ රැකියා කියන ක්ෂේත්රයට අදාළව තවත් නීතිරීති, ප්‍රතිසංස්කරණ හා සංශෝධනය අවශ්‍යයි. දැනට විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත හරහා තමයි මෙය පාලනය වන්නේ, දැනට පවතින මෙම පනත සංශෝධනය කර හෝ,විදේශ රැකියා පනත නමින් අලුත් පනතක් ගේනන අපි සූදානම්. මෙයට අදාළ පූර්ව සාකච්ඡා දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. එමෙන්ම විදෙස් ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතියට අදාළව කටයුතු මේවන විට සිදුකරගෙන යනවා, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් හා ජනාධිපති අරමුදලේ ලේකම ජී.ජී.එස්.සී.රෝෂන් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාරය සුගත් යාලේගම මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ද සහභාගී වූහ.
