ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසුරිය විසින් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ජනමාධ්‍ය අධ්‍යයන අංශය, භාෂා අධ්‍යයන අංශය, පරිගණක අධ්‍යයන අංශය හා ප්‍රාසංගික කලා අධ්‍යයන අංශය එම ජනමාධ්‍ය පීඨයේ අධ්‍යයන අංශ ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
