Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති මූලික වටයේ 33 වන තරගයෙන් ලකුණු 302 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි විය

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් ලබා ගත්තේය.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Shubman Gill ලකුණු 92 ක්, Virat Kohli ලකුණු 88 ක් හා Shreyas Iyer ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් වුහ..

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුෂංක කඩුලු 5 ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 55 ක් වන අතර ඒ අනුව තරගය ලකුණු 302 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12 ක් හා, මහීෂ් තීක්ෂණ ලකුණු 12 ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 2 ක් හෝ ලබා ගැනීමට සමත් නොවීම විශේෂත්වයක්.