Spread the love

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත්හ

පන්දුවට පහරදී‍මේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Parvez Hossain Emon ලකුණු 38 ක් ලබාගත් අතර Mehidy Hasan Miraz ලකුණු ලකුණු 29 ක් ලබා ගැනීමට සමත් වුහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, දසුන් ශානක, ජෙෆ්රි වෙන්ඩසේ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 42 ක්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 24 ක් හා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් ලබාගත්හ.