Spread the love

iCC ලෝක ක්‍රිකට් කුසලානය සදහා වු තරගාවලියෙන්නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 21 ක ජයක් ලබා ගැනීමට සමත්විය.

පුපිරි හයදෙනාගේ වටයේදි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 93 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28 ක් හා වනිඳු හසරංග ලකුණු 20 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Logan van Beek කඩුලු 3 ක්, Bas de Leede කඩුලු 3 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් සමත්වය‍

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක්, ඩිල්ෂාන් මදුෂංක හා ළහිරු කුමාර කඩුලු 1 බැඟින් බිඳ හෙළීමට සමත් වුහ.