නේපාලයේ පැවති 2025 ආසියානූ සවි එසවීමේ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවන් 13 දෙනා, එම තරගාවලියෙන් පදක්කම් 34ක් දිනාගෙන ඇත.. ඒ, රන් පදක්කම් 27ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙනි.
මෙම තරඟාවලිය අවසානයේ ඔවුන්ඊයේ (21) කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
ආසියානූ කළාපයේ රටවල්වල තරඟකරුවන් 200 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 15වැනිදා සිට 17 වැනිදා දක්වා මෙම තරඟාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වුණේ.
මෙම තරඟාවලියේ වැදගත්ම ඉසව්ව වූ විවෘත අංශයේ තරගයෙන් රන්සිළු ජයතිලක සහ හිරුණි ජයසිංහ රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා.
රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 310 ක් ඔසවමින් නව ආසියානූ – ෆැසිපික් වාර්තාවක් තැබීමට සමත් වී තිබූ අතර රන්සිළු ආසියානූ තරඟාවලියක 07 වන වරට පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි .