Spread the love

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයකට රට භාර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.