Spread the love

සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කොට ඉන්දියානු සිනමාව මෙරට ප්‍රචලිත කිරිමට විශේෂ වැඩ පිළිවෙලක් දියත් කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා පවසයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති වරයා මෙසේ පැවසුවේය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදිය.
තවදුරටත් අදහස් දැක්වු වාලක ගජබාහු මහතා,”ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි පවා ගිහිල්ලා තියෙනවා ලෝකේ හතර වටේ ගෙනියන්න.
අපි එහා පැත්තේ ගෙදර වෙලා… ලංකාව කියන්නේ ස්ටුඩියෝ එකක්. මේ දූපතක් වුණාට ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ තියෙන්නේ ‘සන් ඇන්ඩ් සී’ ඒ කියන්නේ මුහුද විතරයි කියලා. ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඔක්කොම බැලුවාම ඔක්කොම ඇතුළේ තියෙන්නේ ටැබ්ලට් එකක්.
මේක ගැහුවාම ඔක්කෝම ඇඟට දාගන්න පුළුවන්. මුහුද ද සර්ෆින් ද මේ වගේ ඔක්කොම තියෙනවා. ඇයි ලංකාව මූවී ස්ටුඩියෝ එකක් වෙන්න බැරි? පුළුවන්. ඉන්දියන් සිනමාව එකතු වුණාම ඉන්දියන් සිනමා තරු ලංකාවට ආවාම. ශාරුක් ඛාන් හරි සල්මන් ඛාන් හරි ගහක් යට නැටුවොත් හරි මුහුදකට ගිහිල්ල නැටුවොත් ඉන්දියක් සංචාකරයෝ 1,000 ගණන් ලංකාවට එනවා.”