Spread the love

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය අද (16) පැවැත්වවෙන අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමය.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇත.

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර අද තරගය සඳහා ක්‍රීඩා කරන අතර අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇත.

මීට අමතරව චාමික කරුණාරත්න වෙනුවට කමිඳු මෙන්ඩිස් කැඳවා තිබේ.

තරග තුනකින් සමන්විත  20යි 20 තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.