Spread the love

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්වෙයි

නවතම ICC ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කල නිවේදනයට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එහි එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී වාර්තාගත හඹායාමක් සදහා ශ්‍රී ලංකාවට පිත්තෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් ඇය 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.