Spread the love


ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
“Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන “ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය – 2025” පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 24 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
2025 නොවැම්බර් මස 30 දින පැවැත්වෙන මෙම යුද නෞකා නිරීක්‍ෂණය – 2025 සඳහා සහභාගීවීමට බංගලාදේශය, ඉංදියාව, ඉරානය, මාලදිවයින, මැලේසියාව, පාකිස්ථානය, සහ රුසියාව නියෝජනය කරමින් යුද නෞකා අටක් (08) සහභාගී වන අතර, එම විදේශීය යුද නෞකා සමඟ ශ්‍රිලංකා නාවික හමුදා නෞකා බලඇණිය වෙතින්, ශ්‍රි ලංකා ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක වෙත යුද නෞකා ආචාරය පිරිනැමීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට සමඟාමීව නොවැම්බර් මස 28 වැනි දින සිට විදේශ යුද නෞකා කාර්යයමණ්ඩල මෙන්ම, නාවික හමුදාව, අනෙකුත් සන්නද්ධ හමුදා හා පොලිසිය සමඟ විවිධ වූ වැඩසටහන් ගණනාවක් පැවැත්වීමටද නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.