Spread the love

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් 2025 දෙසැම්බර් මස 23 දින යාපනය පලාලි උතුර රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කල මෙම  විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනය තුලදී; හදීසි ප්‍රතිකාර, බාහිර රෝගී ප්‍රතිකාර, ළමා රෝග සායන, ප්‍රජනන සෞඛ්‍ය, අක්ෂි සායන, විකලාංග සායන, ශල්‍ය වෛද්‍ය සායන, සර්වාංග රෝග සායන, දන්ත වෛද්‍ය සායන, සමේ රෝග සායන සහ මනෝ විද්‍යා  උපදේශන සායන මෙන්ම ජංගම රසායනාගාර මඟින් රුධිර පරීක්‍ෂණ සිදු කරගැනීමේ පහසුකම් ලබාදීම සිදුකෙරිණි.

තවද, මෙම සමාජ සත්කාරක වැඩසටහනට සමඟාමීව ප්‍රදේශයේ පාසල් දරුවන් දෙසීය දෙනෙකු (200) වෙත, පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය බෙදා දීමක්ද සිදු කෙරුණි.