Spread the love

සංචාකර පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (11) රාත්‍රි 7.00 පැවැත්වේ.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනේ පාකිස්තානයයි.

දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණි.

වර්ෂාව හේතුවෙන් දෙවන තරගය අතහැර දැමීමට සිදුවූ අතර ඒ අනුව මේ වන විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි.

වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු  ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන 20-20 තරගයේ ප්‍රවේශත් මිලදී ගත්  ප්‍රේක්ෂකයින්ට අද දඹුල්ලේදී පැවැත්වෙන 3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.