දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ තවත් ශ්රී ලංකිකයන් 100 දෙනෙකු පෙරේදා දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත්වෙයි.
මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්රකාරව ශ්රී ලංකිකයන් සඳහා මෙම රැකියා අවස්ථා හිමිවේ.
එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙවර පිටත් වූයේ 873 වන කණ්ඩායමයි
