ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලීසිය පවසයි.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනිදැල්වලට හසුව විනාශයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඇතිවූ මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති බවයි.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා පියවර ගෙන ඇත.