Spread the love

නිමල් රාජපක්ෂ

ජනාධිපති තුමාගේ රටම එකට වැඩ සටහනට සමගාමීව සුරාබදු දෙපාර්තුමේන්තුව ග්‍රහන සතියක් ප්‍රකාශයට පත්කොට දිවයින පුරා සුරාබදු කාර්යාල වලින් දියත්කල සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 32 ක් වටිනා නිති විරෝධී මත්පැන් , මත්ද්‍රව්‍ය හා තෙන්ඩු කොල තොගයක් අත්අඩංගුවට ගත්බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන් .ඒ .පේමරත්න මහතා පවසයි

මෙම ග්‍රහන සතිය ඹක්තෝබර් මස 23 සිට 30 දක්වා දිවයින පුරා තිබෙන සුරාබදු කාර්යාල 63 ක නිලධාරීන් හා නියාමක වරුන් එක්ව වැටලීම් 1253 ක් සිදු කර තිබිණ. මෙම සෝදිසි මෙහෙයුම් තුළින් නිති විරෝධී කසිප්පු ස්ප්‍රීතු නිෂ්පාදනය කරන ස්ථාන 725 ක් , නීති විරෝධි ලෙස ගංජා වගාවන් තුනක් , හෙරොයින් හා ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 35ක් ,
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු තෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 3517 ක් හා රුපියල් ලක්ෂ 120 ක් වටිනා නීති විරෝධී පෙරණ උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
සුරාබදු දෙපාර්තුමේන්තුව දියත් කල ග්‍රහන සතිය තුළදී වැඩි පුරම නිති විරෝධී මත්පැන් මීගමුව , දංකොටුව ,වයික්කාල ඇතුළු මුහුදු ප්‍රදේශයෙන්හා කොළඹ ප්‍රදේශයෙන් සොයා ගත් අතර දංකොටුව ප්‍රදේශයෙන් කසිප්පු ලීටර් 475 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු පේමරත්න මහතා,

වීඩියෝව නරඹන්න