Spread the love


නිමල් රාජපක්ෂ –

ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා ප්‍රවාහන බලධාරීන් අතර අද(13) පැවැති සාකච්ජාවේදී දුම්රිය සේවාව පවත්වාගෙන යාම සදහාත් , රියදුරන්ගේ ගැටළුව විසදීම සදහා අදාල යෝජනා සති දෙකක් ඇතුළත කබිනට් අනුකමිටුවට ලබා දෙන ලෙස ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතාට දැණුම් දුන්නේය..
ඇමතිවරයාගේ ප්‍රකාශයට අනුව ඉදිරියේදී සේවාව පවත්වාගෙන යාම සදහාත් රියදුරන්ගේ පැනනැගී ඇති ගැටළුවට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරනබව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා පැවසුවේය.
ලොකොමොටෙව් ඉංජිනියරින් දුම්රිය රියදුරන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් නිසි විසදුමක් ලැබී නොමැති කමින් වර්ජය දියත් කර තිබෙන අතර ඹවුන්ගේ තුන්වන ශ්‍රේණියේ වසර ගණනාවක්සිටියත් තාමත් 2 නශ්‍රේණියට උසස්වීම ලබා නොදීම සම්බන්ධයෙන් මෙම ගැටළුව පැනනැගී ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
අදාල කරුණු සම්බන්ධයෙන් යෝජනා කැබිනට් අනු කමිටුව ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් මේ වනවිටත් රියදුරන් බොහෝ පිරිසක් සේවයට වාර්තා කිරීමට කැමැත්ත පලකර ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරවරයා වැඩි දුරටත් පැවසුවේය.
යොජනා මාලාව කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රවාහන ඇමතිවරයාගේ මැදිහත් වීම මත ඉදිරියේදි විසදුමක් ලබා දීමට පියවර ගැනීමට නියමිතය.
මෙම සාකච්ජාවෙන් පසු දුම්රිය රියදුරන් වර්ජනය අවසන් කර තිබේ.