Spread the love

නාගොඩ- සුමන
ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ 10 මිල අඩුකර තිබේ .එසේ අඩුකළ භාණ්ඩවල සහනය හෙට සිට ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව මුං ඇට , වියලි මිරිස් ,රතු පරිප්පු ,රතු නාඩු ,හාල්මැස්සන් ,පාන්පිිටි,සෝයා මීට්,රත කැකුළු ,කඩල,සුදු සීනි,යන වර්ග මේ ආකරයෙන් අඩු කෙරේ.

ඒ අනුව රුපියල් 325කින් පහත දැමුනු මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 1225ක මිලකට ද , එමෙන්ම වියළි මිරිස් කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1290කි.රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් මිල රුපියල් 15කින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 299කි, ලංකා සතොස ආයතනය මගින් හෙට සිට රතු නාඩු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 200 මිලකට ලබාගත හැකිය.
ඒ අනුව අද මධ්‍ය රාත්‍රියේ සිට රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින් අඩු කෙරේ.

හාල්මැස්සන් කිලෝග්‍රෑම් එකකින් රුපියල් 10ක් අඩුවන අතර රුපියල් 1140 මිලකට මිලදිගත හැකිය.පාන් පිටි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 200 මිලකට හෙට සිට මිලදී ගැනීමට හැකිය.ඒ අනුව පාන් පිටි කිලෝග්‍රෑම් 01 කින් රුපියල් 10ක් අඩු කෙරේ.
සෝයා මීට් කිලෝග්‍රෑම් 01 රුපියල් 650 මිල දී ගැනීමට හැකිය.ඒ අනුව ඉන් රුපියල් 10 මිල අඩු වීමක් සිදු වෙයි.
රතු කැකුලු කිලෝග්‍රෑම් එකකින් රුපියල් 06ක් අඩුවන අතර එහි නව මිල රුපියල් 139කි.කඩල සහ සුදු සීනි කිලෝග්‍රෑම් 01කින් පිළිවෙලින් රුපියල් 05ක් සහ 04 අඩු වෙයි.
ඒ අනුව කඩල කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 540 සහ සුදු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 225 මිලදී ගැනීමට හැකි බව ලංකා සතොස ආයතනය පවසයි.