Spread the love

සහනදායි මිලට සතොස ආයතනය හරහා සහල් හා පොල් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බව වාර්තා වෙයි.

ඇතැම් ස්ථානයන්හි වේලාසනම සහල් පොල් ලැබුණු තොග අවසන් වී ඇති අතර තවත් ප්‍රදේශයන්හි පෝලිම් ඇතිවී ඇත.

ඇතැම් ශාකාවල පොල් තෝරා ගැනීමට අවස්ථාව නොලැබෙන අතර පොල් ගෙඩි තුන බැගින් බෑග් වලට තමා ඒවා මිලට ගැනීමට නියම කර තිබේ.

අඩු මිලට මෙම භාණ්ඩ ලබා ගැනීමට ජනතාවට පැමිණියත් ඒවායේ ප්‍රමාණවත් භාණ්ඩ සැපයුමක් නොමැති බව දැකගත හැකිය.