සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් සපයන නලයකට ඊයේ පස්වරුවේ අකුණක් වැදී ගින්නක් හටගෙන තිබේ.
එම ප්‍රදේශයට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදී ගිනි ගැනීම සිදුව ඇත.
වහා එම ගින්න නිවා දැමීමට සේවකයන් කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නැත.
