Spread the love

සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන අදාළ යෝජනාවට තම පක්ෂය සහයෝගය පළ කරන බවද ඇය කියා සිටියාය.

රූපවාහිනී නාලිකාවක්වක පැවති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කලාය.

සමරසි හා වෙනත් කාණ්ඩ ද මෙම සමාජයේ කොටස් වන බවත් ඔවුන්ට වෙනස් නොකොට නොසැලකිය යුතු යන මතය තම පක්ෂය දරන බවද ඇය සඳහන් කරන්නීය.