Spread the love

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූ‍ව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූ‍වක් නිර්මාණය වී ඇත.

2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලූ‍වට අදාළ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12 ක් සඳහා මෙම ගැටලූ‍ව විසඳීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡවකින් පසු 2024.04.01 දින ඉදිරිපත් කර ඇත.

තවද විශ්ව විද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024.01.01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද 2024.04.10 දිනැතිව ඉදිරිපත් කර ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.