Spread the love

ප්‍රදේශයෙන් අපට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා එක අතකින් මැණික් කර්මාන්තයෙන් ආදායම් ලැබෙනවා.

ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ද ආදායම් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. එක් පැත්තකින් බේරුවල, අලුත්ගම සිට ගාල්ල දක්වා ධීවර කර්මාන්තය තිබෙනවා. මෙය ලෝකය සමඟ ගනුදෙණු කරන නගරයක්. ඒ වගේම ලෝකය සමග තරග කරන නගරයක්. අපේ රටේ අනෙක් ප්‍රදේශද මේ අන්දමින් සැලසුම් කළයුතුයි.

අප රටක් ලෙස ඉදිරියට යනවා නම් අපේ උත්සාහයෙන් විදේශ විනිමය උපයාගත යුතුයි. ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල තිබෙන්න ඕන.

මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා.

අද රටේ සියලු පුරවැසියන් ජීවන වියදම පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා එකතුව රටේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව ඉදිරියට ගියහොත් වසර 02ක් යන විට මෙම තත්ත්වයෙන් නිදහස් වීමට හැකි වන බව මම විශ්වාස කරනවා.

එසේ ගොඩනගන මේ රටේ අනාගතයේ වාසිය හිමි වන්නේ මට නොවෙයි. එම වාසිය ලැබෙන්නේ මෙරට තරුණ ප්‍රජාවටයි. එම තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් හොද ආර්ථිකයක් අපි ඇති කරනවා කියා මම ප්‍රකාශ කරන්න කැමතියි.