Spread the love

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සාක්ෂි නොමැතිව චෝදනා එල්ල කිරීම සාධාරණ නැති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කරයි.

‘ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ල වන ආකාරය දක්නට ලැබෙනවා. කිසිවකු වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ සාධාරණ හෝ සාක්ෂි නොමැති මුළුමනින්ම පක්ෂග්‍රාහී චෝදනා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන විට මොකද වෙන්නේ. එය ඇති කරන්නේ කම්පනයක්’ යයිද ඔහු සඳහන් කළේය.

ඒ මහතා කොළඹදී පැවති උත්සව සභාව අමතමින් මෙම අදහස් පළ කළේය.