නිමල් රාජපක්ෂ
පීලි පැනීමට ලක්වු සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ සේවය කල රියදුරු, නියාමක , රියදුරු සහයක හා උප නියාමකවරයා යන හතර දෙනාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙසේ වැඩ තහනමට ලක්වුයේ දුම්රිය රියදුරු පි.එස්.වී කුමාරතුංග , රිය සහායක ටී.ඩී.පලගම , නියාමක බී.එස් .කුමාරවංස , උපනියාමක එල්.වයි්.එස් මධුසාන් යන හතර දෙනායි.
පසුගිය 24 වැනිදා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදි පීලි පැනීමකට ලක්වු සාගරිකා සීඝ්‍රගාමි දුම්රියේ සේවය කල අදාල නිලධාරී්න් ගේ වැඩ තහනම් කලද දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් මෙවැනි ව්‍යසනයක් සිදු කරමින් පීලි පැනීමට හේතු ව පිළිබදව විශේෂ පරික්ෂණයක් මේ වනවිටත් ආරම්භ කොට ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය..
