සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (04) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අද සිට ලබන 18 වනදා දක්වා සියලුම සිසුන්ට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමට පසුගිය 01 වනදා සිට අවස්ථාව ලබාදී තිබේ.
