Spread the love

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) උදෑසන 8.00 වන විට අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත්, මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය සමස්ත උතුරුමැද පළාතම කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අද (11) පැවති විධායක සභාවේදී තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

එසේම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වන්නේ නම්, ඕනෑම අවස්ථාවක සමස්ත දිවයින පුරාම වැඩ වර්ජනයක් කැඳවීමට ද අද පැවති විශේෂ විධාය​ක සභා රැස්වීමේදී තීන්දු කළ බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.