Spread the love

සීගිරියේ සංරක්ෂණය කල බැමි මත සංචාරකයන් ඇවිද යාම හේතුවෙන් ඉන් 70% පමණ විනාශ වන බව මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි.

සංරක්ෂණය කල බැමි මත ඇවිද නොයන ලෙස උපදෙස් සහ සංකේත මගින් සංචාරකයන් දැනුවත් කර තිබේ.

එහෙත් බොහෝ සංචාරකයන් ඒ පිළිබඳව තැකීමක් නොකිරීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් එම ගඩොල් බැමි සංරක්ෂණය කිරීමට වැය වන බව වැඩිදුරටත් පැවසුවේය.