Spread the love

ඇස්පාටෙම් නම් කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වියහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (13) නිවේදනය කළේය.

මෙම කෘත්‍රිම රසකාරකය අඩු සීනි පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙයි.

ලොව ප්‍රමුඛතම සංවිධානයක් කෘත්‍රිම රස කාරකයක් සම්බන්ධයෙන් මෙවැනි කරුණක් නිවේදනය කළේ, පළමු වරට බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඇස්පාටෙම් දශක ගණනාවක සිට ආහාර සහ පැණි බීම සඳහා භාවිත කෙරෙයි.

නමුත් අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම මතය පිළිනොගනී.