නිමල් රාජපක්ෂ
කුමන සමාජ, ආර්ථික වටපිටාවක වුවද සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීම හා දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම අතරතුර පුත්තලම විද්‍යා විද්‍යාලයට අද (17) පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
ශ්‍රී ලංකාවේ දනට පවතින තත්ත්වය අනුව දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගෙන ගන්නා සිසුන්ට විද්‍යාව හා ගණිතය විෂය ධාරාවන් ඔස්සේ ඉගෙන ගැනීමට තිබෙන පහසුකම් ඉතා අවමයි. සියලු සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා අඛණ්ඩ හා සමාන අවස්ථා සලසා දීම තමයි රජයේ බලාපොරොත්තුව හා ප්රතිපත්තියයි. .
විද්‍යා විෂය ධාරාව වෙනුවෙන් මේ කරන අත්හදා බැලීම ගැන මම සතුටුයි නමුත් විද්‍යා ගණිත කියලා අපි අධි තක්සේරුවක සිටිය යුතු නැහැ. විද්‍යා ගණිත වගේම අනෙක් සියලු වෘත්තීන් අපිට වැදගත්.
පාසල් තුළ බොහෝ ගුරු විදුහල්පති පුරප්පාඩු තිබෙනවා අපිට ගුරුවරුන් 23000ක් බඳවා ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව පුරප්පාඩු සහිත පාසල් වලට ගුරුවරුන් ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා.
ඉගෙන ගන්නවා කියන්නේ කරුණු මතක තබා ගැනීම පමණක් නෙමෙයි. කුතුහලය මත තොරතුරු සොයාගෙන යන්න දරුවන්ට අවශ්‍යතාව ඇති විය යුතුයි. ඉගෙන ගන්න ඉගෙන ගත යුතුයැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.
අනතුරුව පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ දරුවන් සමග සුහද පිලිසඳරක නිරත වීමටද අග්රාමාත්යතමිය කටයුතු කළාය.
