Spread the love

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කට අයත් කොට්ටාස 168කම බලය ජාතික ජන බලවේගය සතු කරගන්නා බව ජාතික ජන බලවේගයේ පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.

හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මංජුල සුරවීර ආරච්චි මහතා කියා සිටියේ මෙරටේ සිංහල, දමිළ, මුස්ලිම් ඇතුලු සියළුම ජාතීන් එක්ව ශක්තිමත් ජනාධිපතිවරයෙකු පත් කර තුනෙන් දෙකේ බලය සහිත ශක්තිමත් රජයක්ද පිහිට වූ බවයි.

එම ජනාධිපතිවරයා සහ ශක්තිමත් රජය සමග එක්ව මෙරට හොරකම, දූෂණය, වංචාව සහ නාස්තිය නැති කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

තවද මේ රටේ පැවති මජර ජාතිවාදි දේශපාලනයද නැති කිරිමට පියිවර ගෙන තිබියදී හැටන් දික්ඔය නගර සභාවට ඇතැම් පක්ෂ වලින් තරග කරන නගර සභාවේ හිටපු ඇතැම් හිටපු පාලකයින් විසින් ජාතිවාදය පතුරමින් හැටන් දික්ඔය නගර සභාවේ බලය ලබා ගැනීමට මතවාදයක් ගොඩ නගමින් සිටින බවයි.

ජාතිවාදය පතුරවාලමින් නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ දේශපාලනය සිදු කිරිමට ඉඩ ලබා නොදෙන බවයි මංජුල සුරවීර මහතා කියා සිටියේ.

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාවේ ජනතාවට මෙතෙක් ඉටු කිරිමට නොහැකි වූ සංවර්ධන කටයුතු රාශියක් ජාතික ජන බලවේග පාලනයක් තුල සිදු කරන බවයි.

එය වැලැක්වීමට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු ඇතැම් පාලකයින් මේ වන විට ජාතිවාදය වපුරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතවන බවයි.

හැටන් දික්ඔය නගර සභාවට අමතරව මස්කෙලිය, නොර්වුඩ්, ආගරපතන, කොටගල යන ප්‍රාදේශිය සභාවල ඇතැම් දේශපාලන පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත් වී ඇති ඇතැම් අපේක්ෂකයන් විසින්ද ජාතිවාදය වපුරමින් බලයට ඒමට උත්සහ කරන බවයි.