Spread the love

කුලියාපිටිය වෙරලුගම මංසන්ධියේදී පාසල් සිසුවෙකු පැදවූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් පාසල් බස් රථයක ගැටී තිබේ.

සිද්ධියෙන් පාසල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අද (14) පෙරවරුවේ මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරත් සමග ප්‍රකෝප වූ පිරිස් රියදුරු බලපත්‍රයක් නොමැතිව ජීප් රථය පැදවූ සිසුවාට දැඩිව දෝෂාරෝපණය කර තිබුණි.

කුලියාපිටිය පොලීසිය පවසන්නේ, සුඛෝපභෝගී ජීප් රථය පැදවූ සිසුවාගේ වයස අවුරුදු 17ක් බවය.